ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේ පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය වනු ඇති බවයි ඔහු සඳහන් කලේ.

අනතුරුව බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් හි පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියට තම දායකත්වය හිමි නොවන බවත් වෝර්නර් තහවුරු කලා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 103 කට ක්‍රීඩා කර ඇති ඩේවිඩ් වෝනර් රැස්කර ඇති ටෙස්ට් ළකුණු සංඛ්‍යාව 8,158ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ළකුණු ලාභීන් අතර 07 වැන්නා බවටද ඔහු පත්ව සිටිනවා.

ලබන සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය මෙන්ම ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයෙන් අනතුරුව සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බවයි ඩේවිඩ් වෝනර් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52