ඩේවිඩ් පීරිස් සමාගම මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් පුද්ගලික සමාගම අද මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලුවා.

ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට e – drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය මෙරට මගී ජනතාවට හඳුන්වා දෙමින්.

ප්‍රවාහන සේවයේ අනාගතය ලෙස හැදින්විය හැකි විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු වන්නේ නැති අතරම පෙට්‍රල් – ඩීසල් වැනි පොසිල ඉන්ධන මතම යැපීම අවම වනවා.

විද්‍යුත් වාහනවලින් අපට අත්වන තවත් වාසියක් තමයි රටක් විදියට අප විසින් බැහැර කරන කාබන් ප්‍රමාණය අඩු කර ගන්නත් හැකිවීම. ඒ විතරක් නෙවෙයි ඉන්ධන ආනයනය කරන්න යන වියදමත් ඉතුරු කර ගන්න පුළුවන්. මෙම e – drive ආදර්ශ විද්‍යුත් රථවලින් යන මගීන්ට ද ලොකු සෙතක් සැලසෙනවා. මේ වාහන නඩත්තු කරන්න වගේම එදිනෙදා යන වියදමත් අඩු නිසා මගියාගෙන් අය කරන ප්‍රවාහන ගාස්තුවත් අඩුයි.

මේ e – drive සේවය හදුන්වා දීමේ අරමුණු රැසක් තියනවා. ලාභදායි කුලී රථ සේවයක් සැපයීම, ශබ්ද දුෂණය සහ පරිසර දුෂණය අවම වීම මෙන්ම මගියාට සැප පහසු සුවදායක ගමනක් තිලිණ කිරීම ඉන් සමහරක්.

ඒ වගේම මෙරට තුළ විනයානුකූල කුලී රථ රියදුරු බලකායක් බිහිකිරීමත් මෙහි ප්‍රධානතම අරමුණක්.

බලාත්මක මාර්ග නීති පිළිපදිමින් විනීත රියදුරෙකු ලෙස මාර්ගයේ රිය පැදවීම ගැන මෙම e – drive රියදුරන්ට මනා පුහුණුවක් ලබා දීලා තියනවා කියලත් ඩේවිඩ් පිරිස් මෝටර් සමගම පවසනවා.

සෑම වාහනයක්ම සමාගම යටතේ ක්‍රියාත්මක මධ්‍යම පද්ධතියක් හරහා සමාගම විසින් නිරීක්ෂණය කරනවා.

මෙහි රියදුරන්ට e – drive නිල ඇඳුමක් ද ලබා දී තිබෙනවා. මගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන් යන වාහනයේ රියදුරුගේ තොරතුරු වාහනය තුලම ප්‍රදර්ශනය කර තිබෙනවා .

ඒ විතරක් නෙවෙයි රියදුරු වහනය පදවන ආකාරය ගැන, e – drive සේවාව ගැන මගියාට තොරතුරු පැහැදිළිව ඉදිරිපත් කරන්නත් දුරකථන අංකයක් වාහනය තුළ ප්‍රදර්ශනය කරලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දුන් මෙම ත්‍රිරෝද රථ සේවාව මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පමණයි.

සුදු සහ කොළ වර්ණයෙන් යුත් මෙම වාහන මගීන්ට පහසුවෙන් හඳුනාගන්නත් පුළුවන්. මෙම සේවාව සදුඳා සිට සෙනසුරාදා දක්වා උදේ 07 ඉදලා රාත්‍රී 07 වෙනකන් ලබා ගන්න පුළුවන්.

මහා මාර්ගවල ගමන් කරන කොට යෝගෝ (yogo ) ඇප් එක හරහා සහ 0777-606077 යන අංකයට කථා කරලා e – drive සේවාව වෙන් කර ගන්න පුළුවන්.

මේ සේවාව සදහා කිලෝ මීටරයකට අය කරන්නේ රුපියල් 65ක් විතරයි. කාර්යය බහුල වේලාවන්වලදීත් ඒ ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ.

මේ තුලින් මගියාට ලැබෙන තවත් වාසියක් තියනවා. ඒ තමයි අතේ මුදල් නැති වෙලාවට ක්‍රෙඩිට් කාඩ් / ඩෙබිට් කාඩ් හරහාත් මුදල් ගෙවන්න පුළුවන් වීම.

මුලින්ම බජාජ් ත්‍රිරෝද රථ 20ක් තමයි මේ නියමු ව්‍යාපෘතිය යටතේ විද්‍යුත් පරිවර්තනයකට ලක් කරලා තියෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
8
+1
3
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43