AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථකයි – දායකවූවන්ට ජනපතිගෙන් පැසසුම්

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් හා මග පෙන්වීම යටතේ, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේද සහාය ඇතිව බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි මෙම සාකච්ඡාවේදී අනාවරණය කේරුණේ.

යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බව ද මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රටේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ප්‍රයත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක් වුණා.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් ඊට සුදුසු නිලධාරීන් පත් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩබලන පොලිස්තිවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් හෙට (04) පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

එමඟින් දීප ව්‍යාප්තව ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසටහන් හා ඒවායේ දෛනික ප්‍රගතිය මෙන්ම, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව වාර්තා කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52

?