AFC Banner
AFC Banner
Empty Ad

ඩුබායි හිදී ලාංකික තරුණයෙක්ට රුපියල් කෝටි 64ක දිනුමක්

ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු වන මොහොමඩ් මිස්ෆාක් නැමැත්තා. අබුඩාබි බිග් ටිකට් (“Abu Dhabi Big Ticket” ) නැමැති ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 64ක් පමණ වන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

36 හැවිරිදි මිස්ෆාක් ඊයේ කෝටිපතියෙක් බවට පත්වුයේ ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ආකාරයට ය.

ඒ ඔහු “Abu Dhabi Big Ticket” ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට හැකි වුවද ඔහු මේවන විට නිවාඩුවක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ “මෙය තමන්ට අදහා ගත නොහැකි දෙයක් වූ බවත් තාත්තාගේ ශල්‍යකර්මය කිරීමට මේ මුදල ඉතා වටිනවා.” මොහොමඩ් මිස්ෆාක් කියා සිටී.

මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී ගල්ෆ්ටෆ්යිම්ස් පුවත්පතට පවසා ඇත.

– lankadeepa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?