Update – ඩුබායි හිදී ඇල්ලූ සැකකරුවන් දිවයිනට රැගෙන එයි (වීඩියෝ/ඡායාරූප)

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකර අධිකරණය මඟ හැර ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්දන්ගුවට ගැනීමෙන් අනතුරුව අද (07) දිවයිනට රැගෙන එනු ලැබුවා.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනය නිකුත් කර සිටි මෙම අපරාධකරුවන් ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ  නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස් ඔවුන්ව භාරගෙන මෙලෙස මෙරටට රැගෙන ආවා.

මොවුන් අතරින් එක් සැකකරුවෙක් මාකන්ද, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැති අයෙක් වන අතර, ඔහු ඉකුත් 2024 වසරේ ජනවාරි මස 22 වනදා දින බෙලිඅත්ත බෙලිඅත්ත ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක්.

අනෙක් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කදන්ගමදෙනියගේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් චන්දන නැමැති ය බවයි වාර්තා වුණේ.

මොහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස්වලට පහර දී දේපළවලට අනර්ථයන් සිදුකර, කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයෙක්.

මෙලෙස රැගෙන ආ තුන්වන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නාඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැති අයයි .

මොහු අකුරැස්ස, මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදුකර එම අධිකරණ මඟින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක්

මොවුන් අද (07) දහවල් 11.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

අත්අඩංගුවට ගෙන මෙලෙස දිවයිනට රැගෙන ආ අපරාධකරුවන් තිදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය, බෙලිඅත්ත සහ අකුරැස්ස යන පොලිස් ස්ථාන වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?