logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඩුබායි පෙන්වා පවුලකින් ම මුදල් ගැරූ පිරිසක් අල්ලයි

කුරණ – කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් මූල්‍ය වංචාවක් සිදු කළ පුද්ගලයින් තිදෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) උදෑසන මෙම සැකකරුවන් ව ගාල්ල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා වෙත යවන බවට මුලා කරමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් සැකකරුවන් විසින් එරට සේවයේ නිරත ලාංකික කාන්තාවකගේ මාර්ගයෙන් සිය හිතවතියකගේ ගිණුමකට බැර කරවාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මුදල් බැර කළ ගිණුමෙහි හිතවතිය සඳහන් කර ඇත්තේ; එම මුදල් ලබා ගනිමින් අදාළ පිරිස ඔවුන්ගේ නිවස සාදා ගන්නා බවටයි.

මේ පිළිබඳ ව සැක සිතූ කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම මුදල් තම ගිණුමට බැර කරවා ගත් යුවළ සහ මෙම පවුල ඩුබායි වෙත රැකියා සදහා ගෙන්වා ගන්නා බවට පොරොන්දු වූ , එරට රැකියාවේ නිරත කාන්තාව ද ගාල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31
Video thumbnail
කොළඹ මහාධිකරණයෙන් කෙහෙළියට ලැබුණු නියෝගය
01:38
Video thumbnail
නිකවැරටියේ මාලිමාවේ ගොවි රැළිය
02:08
Video thumbnail
රෝහිත අබේගුණවර්ධන හෙට කරන්න යන අමුතු වැඩේ - "මම උඩුගම් බලා පීනපු කෙනෙක්"
10:09
Video thumbnail
සජිත්ගේ ස්මාර්ට් ගමන් මාර්ගය මෙන්න
01:49
Video thumbnail
TIN අංකයක් ඔබටත් තියනවාද?
01:35
Video thumbnail
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මහ බැංකු අධිපති කියන කතා
04:27
Video thumbnail
වෘත්තීය සමිතිවලින් ජනපතිට රතු එළියක්...#president #ranilwickremesinghe
06:10

?