ඩීසල් හිඟය ඉවර වෙන්න ළඟයි

මේ වනවිට ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් ඩීසල් නැව් කිහිපයක් දිවයිනට ළගා වෙමින් පවතින බව වාර්තා වේ.

ඉන් එකක් මේ දැනටමත් කොළඹට ළගා වී ඇති අතර ඉදිරි දින දෙක තුන ඇතුළත තවත් ඉන්ධන නැව් 5ක් මෙරටට ළගා වීමට නියමිත බව පැවසේ.

ඒ අනුව ඉදිරියේදී දැනට පවතින උග්‍ර ඩීසල් හිගය මගහැරී යනු ඇති අතර විදුලිය නිපදවීම සදහාද වැඩි තෙල් ප්‍රමාණයක් ඉන් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.

එම පසුබිම යටතේ මේ වනවිට පැය 6ක් කැපෙන විදුලිය පැය දක්වා අඩු කොට අවුරුදු කාලසීමාව ඇතුළතදී අඛණ්ඩව විදුලිය ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?