ඩීසල් ලීටරයකින් 68ක්, භූමිතෙල් ලීටරයකින් 232ක් පාඩුයි.. මොකද කරන්නේ

ඉන්ධන මිල ඉහළ දමා ඇතත් තවදුරටත් තෙල් සංස්ථාවට ඉන්ධන වලින් පාඩු සිදු වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

රුපවාහිණී වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“වැඩි කරපු මිල ගත්තත් මේ මොහොත වන විටත් පෙට්‍රල් 92 තවමත් 13.38ක පාඩුවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අය කරගන්නා බද්ද නැතුව. පෙට්‍රල් 95 රු 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් කියන එක 68.79ක්, ඒ වගේම ලංකා සුපර් ඩීසල් කියන එක 67.46ක්, ඒ වගේම භූමිතෙල් 232.33ක්. මේ අද දවසේ වටිනාකම වන රුපියල් 340 කියන අගයට”