AFC Banner
AFC Banner
Empty Ad

ඩීසල් රැගත් පළමු නෞකාව 08 හෝ 09 මෙරටට – බලශක්ති ඇමති

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පළමු නෞකාව ලබන 08 වනදා හෝ 09 වන දින මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

මේ වනවිට පැවැත්වෙන බලශක්ති අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන්නේ ලබන 22 හෝ 23 වන දින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අයි.ඕ.සී. සමාගම විසින් මෙම පෙට්‍රල් රැගත් නෞකාව මෙරටට ගෙන්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ මස 10 වනදාට පෙර පෙට්‍රල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි මෙහිදී බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මැලේසියානු රජයේ අනුග්‍රහකත්වයෙන් මෙම පෙට්‍රල් නෞකාව ලබාගැනීමට කටයුතු කරන බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණේ.

එලෙස ලබා ගැනීමට අපේක්ෂිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?