ඩීසල් රැගත් පළමු නෞකාව 08 හෝ 09 මෙරටට – බලශක්ති ඇමති

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පළමු නෞකාව ලබන 08 වනදා හෝ 09 වන දින මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

මේ වනවිට පැවැත්වෙන බලශක්ති අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන්නේ ලබන 22 හෝ 23 වන දින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අයි.ඕ.සී. සමාගම විසින් මෙම පෙට්‍රල් රැගත් නෞකාව මෙරටට ගෙන්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මේ මස 10 වනදාට පෙර පෙට්‍රල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි මෙහිදී බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මැලේසියානු රජයේ අනුග්‍රහකත්වයෙන් මෙම පෙට්‍රල් නෞකාව ලබාගැනීමට කටයුතු කරන බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණේ.

එලෙස ලබා ගැනීමට අපේක්ෂිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04