AFC Banner
AFC Banner
Empty Ad

ඩිල්ෂාන්, කුසල් සහ මහේල පසුකර යමින් චමරි පෙරමුණ ගනී

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ලකුණු 2000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඊයේ හැකියාව ලැබුණා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ දීයි.

එහිදී චමරි නොදැවී පන්දු 48ක් තුළ ලකුණු 80ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

චමරි අතපත්තු මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ලකුණු 2054ක් රැස්කරගෙන සිටිනවා.

විස්සයි විස්ස පිටියේ දෙවනුවට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරැගෙන සිටින ශ්‍රී ලාංකිකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් පසුවන්නේ ඉනිම් 79කදී ලකුණු 1889ක් වාර්තා කරමින්.

එහි තෙවන සහ සිව්වන ස්ථානයන්හි පිළිවෙලින් කුසල් පෙරේරා සහ මහේල ජයවර්ධන පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?