ඩිල්ෂාන්, කුසල් සහ මහේල පසුකර යමින් චමරි පෙරමුණ ගනී

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ලකුණු 2000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඊයේ හැකියාව ලැබුණා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ දීයි.

එහිදී චමරි නොදැවී පන්දු 48ක් තුළ ලකුණු 80ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

චමරි අතපත්තු මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ ලකුණු 2054ක් රැස්කරගෙන සිටිනවා.

විස්සයි විස්ස පිටියේ දෙවනුවට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරැගෙන සිටින ශ්‍රී ලාංකිකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් පසුවන්නේ ඉනිම් 79කදී ලකුණු 1889ක් වාර්තා කරමින්.

එහි තෙවන සහ සිව්වන ස්ථානයන්හි පිළිවෙලින් කුසල් පෙරේරා සහ මහේල ජයවර්ධන පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12