ඩෑන් ප්‍රියසාද් වස්තිට එරෙහිව පොලීසී යයි – වීඩියෝ

වස්ති YouTube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය වෙත (08) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අදාළ පැමිණිල්ල මඟින් ඔහු චෝදනා කරන්නේ වස්ති YouTube නාලිකාව මගින් ඉදිරියේදී ප්‍රචාරය කිරීමට නියමිත වීඩියෝවක් මගින් ඉතිහාසයේ එන රජවරුන්ට හා ත්‍රිවිධ හමුදාවට අපහාසයක් සිදුකර ඇති බවයි.

අදාළ වීඩියෝවේ නිලමේ ඇදුම ඇඟලා ගත් පුද්ගලයෙකු ත්‍රිවිධ හමුදාවට අයත් ලාංඡන පැළද සිටින බවත් එමගින් හමුදාවේ ගරුත්වයට හානියක් සිදුකර ඇති බවත් ඩෑන් ප්‍රියාසාද් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළා.

එමෙන්ම දුටුගැමුණු, විහාරමහාදේවි වැනි ඓතිහාසික වීර චරිත අදාළ වීඩියෝව මඟින් හෑල්ලුවට ලක්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට ක්‍රියාත්මක YouTube නාලිකා හරහා ජනමනස විකෘති කරමින් සිටින බවත් ඒවා නියාමනය කිරීමට කටයුතු කල යුතු බවත් ඩෑන් ප්‍රියසාද් මෙහිදී සදහන් කළා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළීබදව වස්ති Productions ආයතනයෙන් සිදුකල විමසීමේදී එහි සාමාජික අනුෂ්ක උදාන පැවසුවේ අදාළ වීඩියෝවෙන් කිසිදු පුද්ගලයෙකු හට අපහාසයක් සිදුකර නොමැති බවයි.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත වීඩියෝවේ ඇත්තේ මන:කල්පිත පුද්ගලයෙකු වටා ඇති කතාවක් මිස ඔහු අඩුතරමේ රජෙකු හෝ නොවන බව ඔහු සඳහන් කළා.

ඩෑන් ප්‍රියසාද් විරෝධය පලකරන වස්ති Production Youtube නාලිකාවේ වීඩියෝව පහතින්,

https://youtu.be/qDgv7W5DUVw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?