ඩෑන් ප්‍රියසාද් වස්තිට එරෙහිව පොලීසී යයි – වීඩියෝ

වස්ති YouTube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය වෙත (08) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අදාළ පැමිණිල්ල මඟින් ඔහු චෝදනා කරන්නේ වස්ති YouTube නාලිකාව මගින් ඉදිරියේදී ප්‍රචාරය කිරීමට නියමිත වීඩියෝවක් මගින් ඉතිහාසයේ එන රජවරුන්ට හා ත්‍රිවිධ හමුදාවට අපහාසයක් සිදුකර ඇති බවයි.

අදාළ වීඩියෝවේ නිලමේ ඇදුම ඇඟලා ගත් පුද්ගලයෙකු ත්‍රිවිධ හමුදාවට අයත් ලාංඡන පැළද සිටින බවත් එමගින් හමුදාවේ ගරුත්වයට හානියක් සිදුකර ඇති බවත් ඩෑන් ප්‍රියාසාද් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළා.

එමෙන්ම දුටුගැමුණු, විහාරමහාදේවි වැනි ඓතිහාසික වීර චරිත අදාළ වීඩියෝව මඟින් හෑල්ලුවට ලක්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට ක්‍රියාත්මක YouTube නාලිකා හරහා ජනමනස විකෘති කරමින් සිටින බවත් ඒවා නියාමනය කිරීමට කටයුතු කල යුතු බවත් ඩෑන් ප්‍රියසාද් මෙහිදී සදහන් කළා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළීබදව වස්ති Productions ආයතනයෙන් සිදුකල විමසීමේදී එහි සාමාජික අනුෂ්ක උදාන පැවසුවේ අදාළ වීඩියෝවෙන් කිසිදු පුද්ගලයෙකු හට අපහාසයක් සිදුකර නොමැති බවයි.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත වීඩියෝවේ ඇත්තේ මන:කල්පිත පුද්ගලයෙකු වටා ඇති කතාවක් මිස ඔහු අඩුතරමේ රජෙකු හෝ නොවන බව ඔහු සඳහන් කළා.

ඩෑන් ප්‍රියසාද් විරෝධය පලකරන වස්ති Production Youtube නාලිකාවේ වීඩියෝව පහතින්,

https://youtu.be/qDgv7W5DUVw
  1. Dan Priyasad හරි, මේ කරන්නේ අපේ සංස්කෘතියට, සම්ප්‍රධ්යට සියුම්ව පහර ගැසීමයි. මේකත් හරියට අර බුදුන්ගේ රස්ත්යදුව වගේ වැඩක්

  2. දැකලා තියන අහලා තියන කාලෙ ඉදලා සුරපුර වගේ තියන මේ රට හීනෙන් දැකපු රාවණා යුගය වගේ අවාසනාවන්ත යුගයකට ගෙනියන්න හදන තවත් වස්ති වැඩක්!

  3. Nathi magul madiwata 😅😅😅😅😅😅 dan jathiyamathak wela.. paw.😅😅😅😅😅😅😅
    ජාතිය වෙනුවෙන් කරපු වැඩක අහුවොත් එකක් නෑ. බත් ඉබ්බෝ ඒ උනාට කොහෙවත් නැති සංස්කෘතියක් කියනවා… ගොන් යක්කු.. 😅😅😅😅😅😅 කියෝන එකක් කරපු එක වැඩක් නැ
    😅😅 political agenda වලට කඩේ යන හැත්ත. 😅😅😅😅😅😅



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48