ඩයනා සජබයෙන් නෙරපීමට එරෙහි පෙත්සම් විභාග කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ අනුව ඇය පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ඊයේ (11) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (11) දින ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කර සිටියා.

අදාල පෙත්සමේ වග උත්ත්රකරුවෙක් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අත්‍යවශ්‍ය පාර්ශව කිහිපයක් නම් කර නොමැති බව පෙන්වා දුන්නා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් හා විනය කමිටුවේ සියලු සාමාජිකයින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් එය බරපතල නීතිමය දෝෂයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ පෙත්සමක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කළා.

පූර්ව අවසර ලබා ගැනීමකින් තොරව රජයට සහාය පළ කිරීමට ඩයනා ගමගේ ගනු ලැබූ තීරණය සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඒ තුළින් ඇය පක්ෂ විනය උල්ලංඝනය කර තිබෙන ආකාරය සක්සුදක් සේ පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒ අනුව ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් ඇය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය අප්‍රේල් මස 05 වනදා දක්වා කල් තැබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් නොපවත්වා තමාව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33