ඩයනා ගේ මන්ත්‍රී ධූරය ගැන පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

මෙම පෙත්සම අද කැදවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්දු ප්‍රනාන්දු විසිනුයි මෙම මූලික විරෝධතා මතු කරනු ලැබුවේ.

තම සේවාදායිකාව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වශයෙන් පෙත්සම්කාර පාර්ශ්වය ප්‍රකාශ කළද එම කරුණු ඇතුළු පෙත්සමේ සඳහන් කරුණු බොහෝමයක් ගැටලු සහගත මෙන්ම විවාදයට තුඩුදෙන කරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

මෙවැනි ගැටලු සහගත සහ විවාදයට තුඩු දෙන කාරණා සම්බන්ධයෙන් රිට් ආඥා නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි සිය මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.

ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය ලබන 09 වනදා තෙක් කල් දැමූ අතර එදින මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කරුණු දැක්වීමට නියමිතයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හැකියාවක් නොමැති බවයි.

එබැවින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07