AFC Banner
AFC Banner
Empty Ad

ඩයගම දී පොලිස් ජීප් රථයකට ගැසූ තුනක් අත්අඩංගුවට

ඩයගම ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය මැයි මස 25 වනදා මෙම පහරදීම සිදුකර තිබුණා.

එදින රාත්‍රී කාලයේ ඩයගම, නැගෙනහිර වත්ත 03 කොටසේ නීති විරෝධී මත්පැන් වැටලීමක් සිදුකර සැකකරුවන් සහ නීති විරෝධී මත්පැන් පොලිසියට රැගෙන යමින් සිටින අතර තුර ජීප් රථයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 08 වනදා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් එල්ල කළ ගල් ප්‍රහාරයකින් ජීප් රථයේ ඉදිරි වා මුවාව බිඳී ගොස් තිබුණා.

සැකකරුවන් ඊයේ (09) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?