spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඩන්කන් වතු යායේ අතුරුදන් වූ දරුවා කැලෑවකින් හමුවෙයි

නොර්වුඩ් ඩන්කන් වතුයායේ දී ඊයේ (17) රාත්‍රියේ අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවා සොයාගෙන තිබෙනවා.

නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේ; නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ පදිංචි ශිවදාසන් වසන්ත කුමාර් යන අය ඔහුගේ බිරිඳ හා අවුරුදු 04ක් වයසැති ශිවදාසන් අභිලාෂන් යන පිරිස නොර්වුඩ් ඩන්කල් වත්ත පහළ කොටසේ පදිංචි ඔවුන්ගේ ඥාති නිවසක පැවති විවාහ උත්සවයක් සඳහා ඊයේ පැමිණ ඇති බවයි.

එම විවාහ උත්සවය පැවති අවස්ථාවේ එදින රාත්‍රී 8.00ට පමණ සිය දරුවා සොයා බලන විට දරුවා නොසිටි බැවින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී පොලිසිය දැනුවත් කිරීමට පියවර ගැනුණා.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් කරන ලද සෝදිසියක දී අතුරුදන් වූ දරුවා අද දහවල් 1.30ට පමණ ඩන්කන් වතුයායේ කැලෑවකින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එම දරුවා සොයා ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?