ඩන්කන් වතු යායේ අතුරුදන් වූ දරුවා කැලෑවකින් හමුවෙයි

නොර්වුඩ් ඩන්කන් වතුයායේ දී ඊයේ (17) රාත්‍රියේ අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවා සොයාගෙන තිබෙනවා.

නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේ; නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ පදිංචි ශිවදාසන් වසන්ත කුමාර් යන අය ඔහුගේ බිරිඳ හා අවුරුදු 04ක් වයසැති ශිවදාසන් අභිලාෂන් යන පිරිස නොර්වුඩ් ඩන්කල් වත්ත පහළ කොටසේ පදිංචි ඔවුන්ගේ ඥාති නිවසක පැවති විවාහ උත්සවයක් සඳහා ඊයේ පැමිණ ඇති බවයි.

එම විවාහ උත්සවය පැවති අවස්ථාවේ එදින රාත්‍රී 8.00ට පමණ සිය දරුවා සොයා බලන විට දරුවා නොසිටි බැවින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී පොලිසිය දැනුවත් කිරීමට පියවර ගැනුණා.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් කරන ලද සෝදිසියක දී අතුරුදන් වූ දරුවා අද දහවල් 1.30ට පමණ ඩන්කන් වතුයායේ කැලෑවකින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එම දරුවා සොයා ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56