ඩක්වත් ලුවිස් න්‍යායයෙන් කිවියන්ට ලකුණු 221ක ඉලක්කයක්

ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම සඳහා නවසීලන්තයට ලකුණු 221ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

ඒ පන්දුවාර 27ක් තුළදියි.

චරිත් අසලංක 05 වැනි කඩුල්ලට දැවී යාමත් සමග නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා එල්ල වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කුත් පන්දු 02ක් ක්‍රීඩා කරමින් සිටියදී ලකුණු 324ක දි තරගය තාවකාලිකව නතර කෙරුණා.

ඉන් අනතුරුව වර්ෂාව පැයකට අධික කාලයක් පැවති හෙයින් ක්‍රිකට් තීරකයින්ගේ තීරණය වූයේ ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව ක්‍රීඩා කිරීමටයි.

ඒ අනුවයි නවසීලන්තයට මෙම ඉලක්කය (221) හිමිවූයේ.

මේ වනවිට නවසීලන්තය ජයග්‍රාහී ලකුණු 221ක් හඹා යෑම ආරම්භ කර ඇති අතර කිසිවෙකු නොදැවී ලකුණු 10ක් ලබා සිටිනවා.

ඒ පන්දුවාර 02ක් අවසානයේ දියි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ ඇත්තේ විල් යන්ග් සමගින් ටිම් රොබින්සන්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඊට සාර්ථක ආරම්භයක් ලබාදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දුට එය ඉටු කරගැනීමට නොහැකි වූයේ මුල් අවස්ථාවේ දී ම පැතුම් නිස්සංක ලකුණු 12කට ඩෆීගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමග එක් වූ අවිශ්ක ප්‍රනාන්දු එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සහ සනත් ජයසූරිය 2006 දී තබා තිබූ ලකුණු 201ක විශිෂ්ට සබඳතාව ද පසුකර ගියේ ඔවුන් දෙදෙනා අතර ලකුණු 206ක සබඳතාවක් ගොඩනගමින්.

කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක එක්දින පිටියේ ඔවුන් ලබාගත් සිව්වැනි ශතක ලබා ගැනීමට ද සමත් වුණා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සොදිගේ පන්දුවක් හමුවේ ලකුණු 100ක දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට ආ සදීර සමරවික්‍රම ලකුණු 05කට දැවී යද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 143කට ඩෆීගේ පන්දුවක් හමුවේ ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා.

චරිත් අසලංක සමග එක් වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාව ඉක්මවා යාමට තරම් වග බලා ගත්තා.

අසලංක ලකුණු 40ක් රැස් කළේ පන්දු 40කටයි.

ඊට වේගවත් හයේ පහර 02ක් සහ හතරේ පහර 03ක් ඇතුළත්.

අසලංකගේ පිතිකරණයේ නිමාව ඩෆී විසින් සනිටුහන් කරනු ලැබුවා.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 12යි.

කඩුලු බිඳ දැමීමේ දී ජැකොබ් ඩෆී කඩුලු 03ක් සහ ඉෂ් සොදි සහ මයිකල් බ්‍රාස්වෙල් එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03