ඩක්වත් ලුවිස් න්‍යායයෙන් එංගලන්තයට ජයක් – හැරීගෙන් නොදැවී ලකුණු 110කුත්

තීරණාත්මක තුන්වැනි එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායය අනුව ලකුණු 64කින් ජය ගන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

ඒ චෙස්ටර් ලී ස්ට්‍රීට් හි දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවති තරගය ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක හැරී බෘක් පළමු ව පන්දු යැවීම තෝරා ගත් අතර ඔස්ට්‍රෙලියාව පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 304ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට අර්ධ ශතක ද්විත්වයක් වාර්තා වූයේ ස්ටීවන් ස්මිත් ලකුණු 60ක් සහ ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින්.

තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 305ක ඉලක්කයක් හිමි වූ අතර තරගය අතරතුර දී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එහි ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව තීරණය කෙරුණා.

තරගය ජය ගන්නා විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 37කුත් පන්දු 04ක් අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් හැරී බෘක් නොදැවී ලකුණු 110ක් සහ විල් ජැක්ස් ලකුණු 84ක් රැස් කරගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් සහ කැමරන් ග්‍රීන් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය හැරී බෘක් විසින් දිනා ගත්තා.

ඒ අනුව මේ වනවිට තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ ඔස්ට්‍රෙලියාව තරග 2-1ක් ලෙස තවමත් එංගලන්තයට වඩා පෙරමුණේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?