ඩක්වත් ලුවිස් න්‍යායයෙන් එංගලන්තයට ජයක් – හැරීගෙන් නොදැවී ලකුණු 110කුත්

තීරණාත්මක තුන්වැනි එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායය අනුව ලකුණු 64කින් ජය ගන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

ඒ චෙස්ටර් ලී ස්ට්‍රීට් හි දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවති තරගය ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක හැරී බෘක් පළමු ව පන්දු යැවීම තෝරා ගත් අතර ඔස්ට්‍රෙලියාව පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 304ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට අර්ධ ශතක ද්විත්වයක් වාර්තා වූයේ ස්ටීවන් ස්මිත් ලකුණු 60ක් සහ ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින්.

තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 305ක ඉලක්කයක් හිමි වූ අතර තරගය අතරතුර දී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එහි ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව තීරණය කෙරුණා.

තරගය ජය ගන්නා විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 37කුත් පන්දු 04ක් අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් හැරී බෘක් නොදැවී ලකුණු 110ක් සහ විල් ජැක්ස් ලකුණු 84ක් රැස් කරගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් සහ කැමරන් ග්‍රීන් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය හැරී බෘක් විසින් දිනා ගත්තා.

ඒ අනුව මේ වනවිට තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ ඔස්ට්‍රෙලියාව තරග 2-1ක් ලෙස තවමත් එංගලන්තයට වඩා පෙරමුණේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07