ඩක්කුවක් කඩා වැටී අපවත් වූ හිමිවරුන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එයි

කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් අපවත් වූ භික්ෂුන් වහන්සේලාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කුරුණෑගල මැල්සිරිපුර නා උයන වෙත ගොස් තිබෙනවා.

එහි දී අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහයන්ට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව, විපක්ෂ නායකවරයා මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමටත් එම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ මුණ ගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කටයුතු කර තිබෙනවා.

මේ අතර අනතුරින් අපවත් වූ භික්ෂුන් වහන්සේලා සත් නමගෙන් මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (27) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මේ අතර අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහයන් භූමදානය කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම, අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂුන් වහන්සේ දෙනමගේ දේහ අද උන් වහන්සේලාගේ මව් රට වෙත වැඩම කරවන අතර රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී සිය මව් රට වෙත වැඩම කරවීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?