ටොෆී කෑ ළමුන් හතක් හදිසියේ අසනීප වී රෝහලට

ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු රෝගාතුරව පාසල් ළමුන් හත්දෙනකු රෝහල් ගත කළ පුවතක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝගාතුර වූ පාසල් ළමුන් පිඹුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අමතර පංතියකට සහභාගී වූ පහ ශ්‍රේණියේ ළමුන් පිරිසක් ප්‍රදේශයේ වෙළඳසැලකින් අදාල ටොෆි බෝල වර්ගය මිලට ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ටොෆි බෝල වර්ගය ආහාරයට ගත් ළමුන් පිරිසෙන් හත්දෙනෙකු හදිසියේ අසනීප වී ඇති බව සඳහන්.

පසුව එම ළමුන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?