ටොෆි 3ක් දුන් නිසා පස් මස් ගැබිණියට සහ සැමියාට පහර දීලා

අනුරාධපුර, රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප‍්‍රසන්න තෙන්නකෝන් සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් විසින් අඹු සැමි යුවළකට පහර දුන් පුවතක් වාර්තා වෙනවා.

මෙම අඹු සැමි යුවළ මිහින්තලේ, සිප්පුකුලම ප‍්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන බවත් සැමියා උතුරුමැද පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවයෙහි නියුතු බවත් පැවසෙනවා.

පහර කෑ බව කියන කාන්තාව පස් මස් ගැබිණියක්.

ඔවුන් දෙදෙනාම ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සිටිනවා. 

පෙරේදා (17) රාත‍්‍රියේ සිප්පුකුලම මංසන්ධියේ ආපන ශාලාවක් වෙත පැමිණ ඇති ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනා ඉන් රාත‍්‍රි ආහාර ගැනීමට සුදානම් වී ඇති අතර ඊට පෙර ආපන ශාලාවට යාබදව පිහිටි, අදාළ අඹු සැමි යුවළට අයත් සිල්ලර බඩු වෙළෙඳසලෙන් භාණ්ඩ කිහිපයක් මිලට ගෙන තිබෙනවා.

එහි දී ඉතුරු මුදළ ලබා දීමට නොතිබූ හෙයින් වෙළඳසලේ හිමිකරු විසින් සභාපතිවරයාට ටොෆි තුනක් ලබා දී ඇති බව සඳහන්.

එයින් කෝපයට පත් සභාපතිවරයා වෙළෙඳසලේ හිමිකරුට දෝෂාරෝපණය කර ඇති බවත් පසුව දෙදෙනා අතර  බහින්බස්වීමක් හටගෙන ඇති බවත් වාර්තා වෙනවා.

අනතුරුව එය දුර දිග ගොස් ඇත්තේ එය ගුටිබැට හුවමාරුවක් දක්වා යි.

ප්‍රහාරයෙන් තුවාළ ලැබූ වෙළඳසැල් හිමිකරු සහ ඔහුගේ ගැබිණි බිරිඳ මිහින්තලේ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියේ දී වෙළෙඳසලේ හිමිකරු සහ වෙළෙඳසල අසල සිටි ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් තමාට පහරදුන් බව පවසමින් රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මිහින්තලේ පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා.

මේ සබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රකාශ කළේ යම් කාරණයක් සම්බන්ධයෙන් තමා සහ තම ඥාතියෙකු වන වෙළෙඳසලේ හිමිකරු අතර බහින් බස්වීමක් සිදු වූ නමුත් ගුටිබැට හුවමාරුවක් සිදු නොවූ බවයි. 

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව මිහින්තලේ පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09