ටෙස්ට් තරගයකින් ක්‍රිකට් වාර්තා අලුත් වෙයි

ක්‍රිකට් ඉතිහාසයේ අඩුම කාලයකින් අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය අද වාර්තා අතරට එක්වුණා.

කේප්ටවුන්හිදී මෙම තරගය ආරම්භ වූයේ ඊයේ දිනයේදීයි. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදුන් අතර පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් රැස් කළේ ලකුණු 55ක් පමණයි.

ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකා දෙවන ඉනිම ලකුණු 176කට සීමා වූ අතර ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3කට ලකුණු 80ක් ලබා කඩුලු 7කින් තරගය ජය ගත්තා.

දකුණු අප්‍රිකා දෙවන ඉනිමේදී ඒඩ්න් මාක්‍රම් විශිෂ්ඨ ශතකයක් ලබාගත්තේ පන්දු 103කින් ලකුණු 106ක් ලබා ගනිමින්.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 32කින්.

අද අවසන් වූ දෙවන තරගය මෙතෙක් පැවති කෙටිම ටෙස්ට් තරගය ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ. සමස්ත තරගය පුරා ම යවා ඇත්තේ පන්දු 642ක් පමණයි.

එමෙන්ම මෙය කේප්ටවුන්හිදී ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
6
+1
53
+1
15
+1
3
+1
8
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26