ටෙස්ට් තරගයකින් ක්‍රිකට් වාර්තා අලුත් වෙයි

ක්‍රිකට් ඉතිහාසයේ අඩුම කාලයකින් අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය අද වාර්තා අතරට එක්වුණා.

කේප්ටවුන්හිදී මෙම තරගය ආරම්භ වූයේ ඊයේ දිනයේදීයි. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදුන් අතර පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් රැස් කළේ ලකුණු 55ක් පමණයි.

ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකා දෙවන ඉනිම ලකුණු 176කට සීමා වූ අතර ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3කට ලකුණු 80ක් ලබා කඩුලු 7කින් තරගය ජය ගත්තා.

දකුණු අප්‍රිකා දෙවන ඉනිමේදී ඒඩ්න් මාක්‍රම් විශිෂ්ඨ ශතකයක් ලබාගත්තේ පන්දු 103කින් ලකුණු 106ක් ලබා ගනිමින්.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 32කින්.

අද අවසන් වූ දෙවන තරගය මෙතෙක් පැවති කෙටිම ටෙස්ට් තරගය ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ. සමස්ත තරගය පුරා ම යවා ඇත්තේ පන්දු 642ක් පමණයි.

එමෙන්ම මෙය කේප්ටවුන්හිදී ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
6
+1
53
+1
15
+1
3
+1
8
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?