ටිල්වින් සිල්වාට චීනයෙන් පොරොන්දුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා Liu Jianchao අතර හමුවක් සිදු වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල (18) චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ දී මෙම හමුව සිදු කළ බවයි වාර්තා වන්නේ.

ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පළුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පළුඳු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ එහිදී අවධාරණය කළා.

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බව ද විදේශ ඇමති ලියූ ජින්තාවෝ සඳහන් කර සිටියා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කර සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුල ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවයි.

එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේ දී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවත් ඔහු අවධාරණය කළා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර එළැඹි අවබෝධයන් අනුව කටයුතු කරන බවත් චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට ස්තුතිවන්ත වන බවත් ඉදිරියටත් එම සහාය බලාපොරොත්තු වන බවත් මෙහිදී සඳහන් කළා.

චීනය තුළ සිදු කළ මෙම සංචාරයේ දී චීනය ගොඩනැගීමට සභාපති මාඕ සේතුං හිටපු නායකයාගේ සිට ෂී ජින් පිං දක්වා චීනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව සතුටු වන බවත් චීනය තමන්ට ආවේණික ලෙස මාක්ස්වාදය ඉදිරියට ගෙන යමින් තිබීම චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණයක් බවත් සඳහන් කෙරුණා.

මෙම හමුව සඳහා චීනයේ නියෝජ්‍ය විදේශ ඇමති සුන් හැයියාන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ පිරිසක් එක් වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58