මැදිරිගිරිය, පළවෙනි පියවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 100ක් සහ අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක්ද පොලිසිය විසින් තම භාරයට් ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු විසිපහක පුද්ගලයෙක් වන අතර මොහු මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් රැසකට රක්ෂිත බන්ධනාරාගාර ගතව සිටි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් මරදාන ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඒවා මැදිරිගිරිය ප්‍රදේශයේ පළමු පියවර ප්‍රරදේශයේ විවිධ පුද්ගලයන්ට සහ උපකාරක පන්තිවල සිසුන් සඳහා අලෙවිකරන බවයි.
සැකකරුහෙට (27) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මැදිරිගිරිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණයන් සිදු කරනු ලබනවා.





