AFC Banner
Empty Ad
Empty Ad

ටියුෂන් කරන රජයේ පාසල් ගුරුවරුන්ට පණිවුඩයක් (වීඩියෝ)

ගුරු විදුහල්පතිවරුන් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, අනුව දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් හෙට (22) දිනයේ සිට සති දෙකක් මෙම සමිති ක්‍රියාමාර්ගයේ නියැලෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිතයි.

ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (21) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ රජයේ පාසල්ව ඇතැම් ගුරුවරුන් පුද්ගලික උපකාරක පංති පැවැත්වීමට පෙළඹී ඇත්තේ මෙම වැටුප් ගැටලුවත් සමඟ බවයි.

මේ අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන සති දෙකක කාල සීමාව තුළ, උපකාරක පංති පවත්වන රජයේ පාසල්වල ගුරුවරුන් එම පංති පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද ඔහු මෙහිදී එම ගුරුවරුන්ට දැනුම් දුන්නා

එමෙන්ම ගුරුවරුන්ට පැවරී ඇති අමතර වැඩකටයුතු වලින් ඔවුන්ව ඉවත්කරන ලෙස ද ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
35
+1
4
+1
4
+1
3
+1
9
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?