AFC Banner
AFC Banner
Empty Ad

ටිබටයේ ආගමික සංහාරයක්

ශුද්ධෝත්තම දලයි ලාමා තුමාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ නියෝජිත ආචාර්ය Tsewang Gyalpo Arya, ටෝකියෝ හි දී චීනය විසින් ටිබෙටයේ සහ චීනය විසින් අල්ලාගෙන සිටින අනෙකුත් ප්‍රදේශවල ආගමික ජන සංහාරයක් සිදුවෙමින් ඇතැයි අනාවරණ කළා.

ජපානය ආසියාවේ පවත්වනු ලබන වාර්ෂික කලාපීය සමුළුවක් වන දෙවන ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ සමුළුවේ දී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.

ටිබෙටයේ ආගමික ජන සංහාරයේ දරුණු බලපෑම ආචාර්ය ආර්යා අවධාරණය කළේ; ටිබෙටය සැලකිය යුතු සංස්කෘතික ජන සංහාරයකට මුහුණ දුන් කලාපයක් ලෙස හඳුන්වමින්.

“ටිබෙටය වසර 70කට වැඩි කාලයක් ආගමික මර්දනයන්ට ලක් ව ඇති අතර; මෙම මර්දනය දිගටම පවතී. උයිගුර් සහ දකුණු මොන්ගෝලියාවේ ද මෙවැනිම ම්ලේච්ඡ ක්‍රියා සිදුවෙමින් පවතී. මෙම සංස්කෘතික ජන සංහාරයේ ප්‍රතිවිපාක ඉතා භයානකය. විදේශීය මාධ්‍යවේදීන්ගේ වාර්තා ටිබෙටය මිලිටරි රාජ්‍යයක් ලෙස නිරූපණය කරයි.. ටිබෙට් සිවිල් වැසියන්ට වඩා වැඩි පොලිස් නිලධාරීන් සිටී. මෙම නිලධාරීන් සහ නිරීක්ෂණ කුටි ඇත්තේ ටිබෙට් ජාතිකයන් ආරක්ෂා කිරීමට නොව ඔවුන්ගේ චලනයන් පිළිබඳව දැඩි නිරීක්ෂණයක් පවත්වා ගැනීමටයි…” යනුවෙන් ආචාර්ය Tsewang Gyalpo Arya වැඩිදුරටත් සඳහන් කළා.

ටිබෙට් ජාතිකයන්, චීන ජාතිකයන්, කොරියානුවන්, මොන්ගෝලියානුවන් සහ තවත් අය දහස් ගණනක් ටිබෙට් ගුරුවරුන් යටතේ බුද්ධාගම හැදැරීම සංස්කෘතික හුවමාරුවන් ලෙස නොදැක එය කොමියුනිස්ට් පාලනයට තර්ජනයක් ලෙස සැලකූ බව ටිබෙට් නියෝජිතයා ආගමික නිදහස පිළිබඳ සමුළුවේ දී කරුණු සහිතව පෙන්වා දුන්නා.

ආචාර්ය ආර්යා සිය කතාවේ දී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ නිහඬ ව සිටීම වෙනුවට මෙම ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහි ව හඬ නගන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?