ටින් මාළුවල ප්‍රමිතිය සොයන්න වැඩපිළිවෙලක්

වෙළඳපොලේ පවතින දේශීය සහ ආනයනික ටින් මාළුවල ප්‍රමිතිය සොයා බැලීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේවන විට වෙළඳපොලේ පවතින ටින් මාළුවල ප්‍රමිතිය නිෂ්පාදනය සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මේවන විට ශ්‍රී ලංකාව තුළ දේශීය ටින් මාළු නිෂ්පාදනය සැලකිය යුතු ලෙසට ඉහළ ගොස් තිබුණ ද පසුගිය වසරවලට සාපේක්ෂව ඒ සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් පහළ ගොස් ඇති බවට දත්ත අනුව පෙනී යන බවයි.

ඊට හේතුව වී ඇත්තේ එම ටින් මාළුවල ගුණාත්මක තත්ත්වය පහත මට්ටමක පැවතීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියාසිටියේ අලෙවි වන ටින් මාළු සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවයි.

ඒ අනුව වෙළඳපොලේ ටින් මාළු නිෂ්පාදනවල ගුණාත්මක තත්වය පරික්ෂා කිරීම සඳහා වෙළඳ අමාත්‍යංශය, ධීවර අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය යන ආයතන ත්‍රිත්වය හරහා කඩිනම් ක්‍රියාවලියක් ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ටින් මාළු සඳහා යොදා ගන්නා මත්ස්‍යයාගේ පටන් එහි ඇසුරුම්කරණය දක්වා ප්‍රමිතිය පිළිබඳ හා දේශීය සහ ආනයනික ටින් මාළුවල අන්තර්ගත ආසනික ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිවැරදි ලෙස පරීක්ෂා කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇසුරුම් කරන ලද ටින් මාළු ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ මේවන විට ක්‍රියාත්මක ටින් මාළු ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත තම නිර්දේශ ඉදිරිපත් කරන බව ද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

Nalin Fernando Release
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?