ටින් මාළුවල ප්‍රමිතිය සොයන්න වැඩපිළිවෙලක්

වෙළඳපොලේ පවතින දේශීය සහ ආනයනික ටින් මාළුවල ප්‍රමිතිය සොයා බැලීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේවන විට වෙළඳපොලේ පවතින ටින් මාළුවල ප්‍රමිතිය නිෂ්පාදනය සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මේවන විට ශ්‍රී ලංකාව තුළ දේශීය ටින් මාළු නිෂ්පාදනය සැලකිය යුතු ලෙසට ඉහළ ගොස් තිබුණ ද පසුගිය වසරවලට සාපේක්ෂව ඒ සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් පහළ ගොස් ඇති බවට දත්ත අනුව පෙනී යන බවයි.

ඊට හේතුව වී ඇත්තේ එම ටින් මාළුවල ගුණාත්මක තත්ත්වය පහත මට්ටමක පැවතීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියාසිටියේ අලෙවි වන ටින් මාළු සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවයි.

ඒ අනුව වෙළඳපොලේ ටින් මාළු නිෂ්පාදනවල ගුණාත්මක තත්වය පරික්ෂා කිරීම සඳහා වෙළඳ අමාත්‍යංශය, ධීවර අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය යන ආයතන ත්‍රිත්වය හරහා කඩිනම් ක්‍රියාවලියක් ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ටින් මාළු සඳහා යොදා ගන්නා මත්ස්‍යයාගේ පටන් එහි ඇසුරුම්කරණය දක්වා ප්‍රමිතිය පිළිබඳ හා දේශීය සහ ආනයනික ටින් මාළුවල අන්තර්ගත ආසනික ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිවැරදි ලෙස පරීක්ෂා කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇසුරුම් කරන ලද ටින් මාළු ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ මේවන විට ක්‍රියාත්මක ටින් මාළු ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත තම නිර්දේශ ඉදිරිපත් කරන බව ද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

Nalin Fernando Release


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26