AFC Banner
Empty Ad
Empty Ad

ටික්ටොක් වීඩියෝ ලක්ෂ 65 ක් ඉවත් කෙරේ

පකිස්තාන‍යට සම්බන්ධ ටික්ටොක් වීඩියෝ මිලියන 6.5 කට ආසන්න සංඛ්‍යාවක් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ, ප්‍රජා මාර්ගෝපදේශ කඩ කිරීමේ චෝදනා මත පකිස්තානය පදනම් කරගත් වීඩියෝ 6,563,594ක් ඉවත් කිරීමට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය කටයුතු කර ඇති බවයි.

ගෝලීය වශයෙන් වීඩියෝ 85,794,222 ක් ඉවත් කර ඇති ඇති අතර තනි රටක් ලෙස තුන්වැනියට වැඩිම වීඩියෝ සංඛ්‍යාවක් ඉවත් කර ඇත්තේ පකිස්තානයෙන් වීම ද විශේෂත්වයක්.

මෙසේ ඉවත් කරන ලද වීඩියෝ අතරින්, 14.7% ක් හිරිහැර කිරීම් , 10.9% ක් ද්වේෂ සහගත හැසිරීම්, 16.2% ක් ප්‍රචණ්ඩ අන්තවාදය සහ 7.7%ක් භයානක ක්‍රියා ආදී වශයෙන් වන අන්තර්ගතයන් ගෙන් යුතු වූ බව පැවසේ.

ඉවත් කරන ලද වීඩියෝ අතරින් 94.1% ක් පැය විසි හතරක් තුළ ඉවත් කරනු ලැබ ඇති අතර 95.2% ක් පරිශීලකයන් විසින් වාර්තා කිරීමට පෙරම හදුනාගෙන ඉවත් කර ඇති බව සදහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?