ට්‍රාවිස් හෙඩ්ගේ නොදැවුණු ලකුණු 154 කැන්ගරුවන්ට විශිෂ්ට ජයක් කැන්දයි

සංචාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණ පළමු එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රෙලියාව ඊයේ (19) සමත් වුණා.

තරගය නෝටින්හැම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනා එංගලන්තය පළමු ව ලකුණු රැස් කිරීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට රිසි සේ පහරදෙමින් සියලු දෙනා දැවී ලකුණු 315ක් රැස් කරගත්තා.

එහිදී විශිෂ්ට පිතිකරණයක යෙදුණු බෙන් ඩකට් ලකුණු 95ක් සහ විල් ජැක්ස් ලකුණු 62ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේදී ඇඩම් සම්පා සහ මාර්නස් ලබුෂේන්ග් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

ට්‍රාවිස් හෙඩ්ට කඩුලු දෙකක් හිමි වූ අතර එක් කඩුල්ල බැගින් හිමිවූයේ බෙන් ඩෘෂෙයි සහ මැතිව් පෝට් හටයි.

ලකුණු 316ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ කැන්ගරුවන් පන්දුවාර 06ක් සහ තවත් කඩුලු 07ක් ද ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කළා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ට්‍රාවිස් හෙඩ් නොදැවී පන්දු 129කට දැවැන්ත ලකුණු 154ක් ලබාගත්තේ හයේ පහර 05ක් සහ හතරේ පහර 20ක් ද එල්ල කරමින්.

මාර්නස් ලබුෂේන්ග් නොදැවී ලකුණු 77යි.

ලියැම් ලිවින්ග්ස්ටෝන්, මැතිව් පොට්ස් සහ ජැකොබ් බැතෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය ට්‍රාවිස් හෙඩ් විසින් දිනාගනු ලැබූ අතර දෙවැනි එක්දින තරගය දෙරට අතර හෙට (21) ලීඩ්ස් හි දී ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය එක්දින තරග 05කින් සමන්විත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?