ට්‍රාවිස්ගේ ප්‍රවේගකාරී පිතිකරණයෙන් කැන්ගරුවන්ට විශිෂ්ට ජයක්

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

ඒ තරගය ලකුණු 28කින් ජය ගනිමින්.

එංගලන්තයේ Southampton හි දී පැවැත්වුණු පළමු තරගයේ කාසියේ වාසිය එංගලන්තය විසින් දිනා ගනු ලැබූ අතර පළමු ව පන්දුවට පහරදීමට සංචාරකයින්ට ඇරයුම් කෙරුණා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් ම දැවී ලකුණු 179ක් ලබාගත්තා.

එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ට්‍රාවිස් හෙඩ් පන්දු 23ක දී දැවැන්ත ලකුණු 59ක් ලබාගත්තේ ඔහුගේ ලකුණු පුවරුවට හයේ පහර 04ක් සහ හතරේ පහර 08ක් ද එක් කරගනිමින්.

මැතිව් ෂෝට් ලකුණු 41ක් සහ ජෝෂ් ඉන්ග්ලිස් ලකුණු 37ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් ලියැම් ලිවින්ග්ස්ටෝන් කඩුලු 03ක් සහ ආර්චර් සහ මහමූද් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

සෑම් කරන් සහ රෂීඩ් හට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

කෙසේවෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කුත් පන්දු 02ක් අවසානයේ සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 151ක් පමණි.

එංගලන්තයේ ඉනිම සුනුවිසුණු කරමින් සීන් ඇබ්බොට් කඩුලු 03ක් ද, කඩුලු 02ක බැගින් හේසල්වුඩ් සහ සම්පා හට ද හිමිවුණා.

සැවියර් බාර්ට්ලෙට්, මාර්කස් ස්ටොයිනිස් සහ කැමරන් ග්‍රීන් හට එක් කඩුල්ල බැගින් හිමි වුණා.

ඒ අනුව තරගය ජයගත් ඔස්ට්‍රෙලියා කණ්ඩායමේ තරගයේ වීරයා සම්මානය ට්‍රාවිස් හෙඩ් හට හිමි වූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය හෙට (13) මෙරට වේලාවෙන් රාත්‍රී 11ට කාඩීෆ් හි දී ඇරඹෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25