ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති සූදුකාරයාගේ ප්‍රහාරවලට ඉරානයේ කටම් අල්- අන්බියා මධ්‍යම හමුදා ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, ට්‍රම්ප් යනු සූදුකාරයෙකු බවත්, යුද්ධය අවසන් කිරීමට ඉරානය පියවර ගන්නා බවයි.
ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාවට අමෙරිකාවට දරුණු ප්‍රතිවිපාක වෙත මුහුණදීමට සිදු වනු ඇති බව ද ඊබ්‍රහිම් සොල්ෆකාරි අනතුරු අඟවා තිබෙනවා.
එක්සත් ජනපද ප්‍රහාර ඉරානයේ “නීත්‍යනුකූල ඉලක්ක” විෂය පථය පුළුල් කිරීම පමණක් බව ද ඉරානය අවධාරණය කළා.
ඉරාන හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැන්නක්;
“සූදුකාරයාණෙනි, ඔබට මෙම යුද්ධය ආරම්භ කළ හැකිය, නමුත් එය අවසන් කරන්නේ අපි වන්නෙමු,” යනුවෙන් සොල්ෆකාරි පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශයක් අවසානයේ ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කර තිබෙනවා.













