X සටහනක් නිසා පාකිස්තාන අගමැති අමාරුවේ වැටේ

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ ‘X’ පණිවුඩයක් හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් සහ හාස්‍යයක් නිර්මාණය වී තිබෙනවා.

ඉරාන-ඇමරිකා ගැටුම සම්බන්ධයෙන් මැදිහත් වීමට උත්සාහ කළ අග්‍රාමාත්‍යවරයාට සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන්, එම පණිවුඩය පිටස්තර පාර්ශ්වයක් විසින් ලියන ලද්දක් ද යන්න පිළිබඳව දැන් බරපතල සැකයක් මතු වී තිබෙනවා.

ඉරානයට එරෙහිව පනවා ඇති දැඩි මිලිටරි ක්‍රියාමාර්ග සඳහා වන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරන ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ නිල ‘X’ ගිණුමේ පළ වූ මෙම පණිවුඩයේ මුලින්ම සටහන්ව තිබුණේ “Draft – Pakistan’s PM Message on X” හෙවත් “කෙටුම්පත – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ X පණිවුඩය” යනුවෙන් .

මිනිත්තු කිහිපයකින් එය සංස්කරණය කළද, එහි ‘Edit History’ හෙවත් සංස්කරණ ඉතිහාසය පරීක්ෂා කළ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන තිබෙනවා.

  1. පිටස්තර බලපෑමක් ද? (තත්පර 45)
    ෆෝබ්ස් (Forbes) සඟරාව ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම පණිවුඩයේ භාෂා විලාසය සහ එහි අන්තර්ගතය අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයෙන් ලියවුණු එකක් බවට විශ්වාස කළ නොහැකි බවයි.

විශේෂයෙන්ම තමන්ගේම අග්‍රාමාත්‍යවරයා හැඳින්වීමට “Pakistan’s PM” වැනි යෙදුමක් ඔහුගේ කාර්ය මණ්ඩලය සාමාන්‍යයෙන් භාවිත නොකරන බව විචාරකයෝ පවසනවා.

මේ නිසා, මෙම පණිවුඩය ඇමරිකානු බලධාරීන් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් සකස් කර අග්‍රාමාත්‍යවරයාට ‘පිටපත් කර පළ කිරීමට’ (Copy-Paste) එවන ලද්දක් ද යන්න පිළිබඳව දැන් සැකයක් මතු වී තිබේ.

“පාකිස්ථානය දැන් ඇමරිකාවේ රූකඩයක් වී ඇති බව” සහ “අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ ට්වීට් එකක්වත් තනියම ලියාගත නොහැකි බවට” පවසමින් බොහෝ දෙනා උපහාසාත්මක ප්‍රතිචාර දක්වා ඇත. මෙය පාකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයට දැඩි හානියක් බව ද විපක්ෂ කණ්ඩායම් චෝදනා කරති.

කෙසේ වෙතත්, මෙම මතභේදාත්මක පණිවුඩයෙන් පැය කිහිපයකට පසු ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ සති දෙකක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබේ. එහිදී පාකිස්ථානයේ මැදිහත්වීම අගය කිරීමට ද ට්‍රම්ප් කටයුතු කළ නමුත්, අග්‍රාමාත්‍යවරයාගේ මෙම ‘Copy-Paste’ අත්වැරැද්ද දේශපාලන ලෝකයේ නොමැකෙන ලපයක් වනු නොඅනුමානය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44