මහින්ද රාජපක්ෂ සිය වත්කම් ප්‍රකාශයක් අල්ලස් කොමිසමට භාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අද (10) අල්ලස් කොමිසම වෙත භාර දී තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂට කර තිබූ දැනුම්දීමට අනුව ඔහු විසින් මෙම වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශය ලබා දී තිබෙනවා.