”ට්‍රම්ප් සූදුකාරයෙක්. යුද්ධය පටන් ගත්තේ ඔබ වුණාට අවසන් කරන්නේ අපි” – ඉරානය

ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති සූදුකාරයාගේ ප්‍රහාරවලට ඉරානයේ කටම් අල්- අන්බියා මධ්‍යම හමුදා ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ට්‍රම්ප් යනු සූදුකාරයෙකු බවත්, යුද්ධය අවසන් කිරීමට ඉරානය පියවර ගන්නා බවයි.

ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර මාලාවට අමෙරිකාවට දරුණු ප්‍රතිවිපාක වෙත මුහුණදීමට සිදු වනු ඇති බව ද ඊබ්‍රහිම් සොල්ෆකාරි අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් ජනපද ප්‍රහාර ඉරානයේ “නීත්‍යනුකූල ඉලක්ක” විෂය පථය පුළුල් කිරීම පමණක් බව ද ඉරානය අවධාරණය කළා.

ඉරාන හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැන්නක්;

“සූදුකාරයාණෙනි, ඔබට මෙම යුද්ධය ආරම්භ කළ හැකිය, නමුත් එය අවසන් කරන්නේ අපි වන්නෙමු,” යනුවෙන් සොල්ෆකාරි පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශයක් අවසානයේ ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18