ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම නිසා පකිස්ථානය බරපතළ අර්බුදයක

වාර්ෂිකව ගාසා ස්ථාවරකරණ බලකායට හමුදා දායක කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට බල කිරීමත් සමඟ, පාකිස්තානයේ බලවත්ම හමුදා ප්‍රධානියා අසීම් මුනීර්, ඔහුගේ අලුතින් රැස් කරගත් බලතලවල දරුණුතම පරීක්ෂණයට මුහුණ දී සිටින බව විශ්ලේෂකයින් පවසන අතර, මෙම පියවර දේශීය ප්‍රතිවිරෝධතාවක් ඇති කිරීමේ අවදානමක් ද තිබෙනවා.

මාස හයක් තුළ තුන්වැනි හමුවීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉදිරි සතිවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය බලා සංචරය කිරීමට ද නියමිත අතර එහිදී ගාසාවට හමුදාව යොමු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරනු ඇතැයි වාර්තා වනවා.

ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් ගාසා සැලැස්ම යටතේ යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියේ ප්‍රතිසංස්කරණය සහ ආර්ථික ප්‍රකෘතිය අධීක්ෂණය කිරීමට මුස්ලිම් ජාතීන්ගෙන් බලකායක් ඉල්ලා සිටිනවා.

ගාසාවේ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් නිරායුධකරණය කිරීමේ මෙහෙයුම ගැන බොහෝ රටවල් සැලකිලිමත් වන අතර, එය ඔවුන් ගැටුමට ඇද දැමිය හැකි අතර එම රටවල පලස්තීන ගැති සහ ඊශ්‍රායල විරෝධී ජනතාව‌ගේ විරෝධයට ද හේතුවිය හැකියි.

නමුත් වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අතර වසර ගණනාවක් තිස්සේ පැවති අවිශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මුනීර්, ට්‍රම්ප් සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබෙනවා.

එවන් පසුබිමක ගාසා ස්ථායීකරණ හමුදාවට පාකිස්තානය දායක නොවීම ට්‍රම්ප් ගේ නොසතුටට හේතු විය හැකි අතර එය දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින පාකිස්තානයට බරපතළ කරුණක් වනු ඇති.

න්‍යෂ්ටික අවි ඇති ලොව එකම මුස්ලිම් රට පාකිස්තානයයි.

පසුගිය සති කිහිපය තුළ, මුනීර් ඉන්දුනීසියාව, මැලේසියාව, සෞදි අරාබිය, තුර්කිය, ජෝර්දානය, ඊජිප්තුව සහ කටාර් වැනි රටවල හමුදා සහ සිවිල් නායකයින් හමුවූ අතර ගාසා වෙත හමුදා යැවීම එම සාකච්ඡා න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කරුණක් වූ බව ද වාර්තා වනවා.

නමුත් රට තුළ ඇති විශාල කනස්සල්ල නම්, එක්සත් ජනපදයේ සහාය ලත් සැලැස්මක් යටතේ ගාසා තීරයට පකිස්ථාන හමුදා සම්බන්ධ වීම, එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ගැඹුරින් විරුද්ධ වන පකිස්ථාන ඉස්ලාමීය පක්ෂවල විරෝධතා නැවත ඇති කළ හැකි බවයි.

ඉස්ලාම්වාදීන්ට දහස් ගණනක් බලමුලු ගැන්වීමට වීදි බලයක් තිබෙනවා.

2024 ජාතික මැතිවරණයේදී වැඩිම ආසන දිනාගත් සහ පුළුල් මහජන සහයෝගයක් ඇති, සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ද මුනීර්ට එරෙහිව වීථි සටන් ආරම්භ කිරීමට මෙය හේතුවක් කර ගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10