ජ.වි.පෙ නායක අනුර කුමාර ඉන්දීය මහ කොමසාරිස් හමු වෙයි

අද (26) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී හමු වීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.