ජෝර්දානයෙන් තවත් පරිත්‍යාගයක්

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව යි.

තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ පස්වන පරිත්‍යාගය මෙයයි.මීට පෙර කොවිඩ් 19 වසංගතය අතරතුර සිදු කරන ලද පරිත්‍යාග හතරක් වනවා.ජෝර්දානයේ පිහිටි ඇඟලුම් කම්හල් කිහිපයක් මෙම කර්තව්‍යය සඳහා සිය දායකත්වය ලබා දී තිබුණා.