ජොනීගේ හෝටලය කැඩූ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු පිරිසකට බරපතළ වැඩ සහිත අත්හිටවූ සිර දඬුවම්

පසුගිය 2022 වසරේ මැයි 09 වැනි දින අරගල සමයේදී යුනියෙන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන අයට අයත් hotel colombo නමැති සංචාරක හෝටලයට පොළු මුගුරු රැගෙන කඩා වැදී අලාභ හානි සිදු කිරීම හා එම හෝටල් පරිශ්‍රයේ නවතා තිබූ ජීප් රථ දෙකකට පහර දී රුපියල් ලක්ෂ තිස්පහකට අධික අලාභයක් සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන මොහොමත් ඉස්මායිල් මොහොමඩ් අනස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ අත්හිට වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (09) නියම කළා.

එම හෝටලයේ තිබූ පරිගණකයක් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරු වූ පළමුවන විත්තිකාර මොහොමඩ් මුස්නි මුභාරක් යන අයට රුපියල් 80000ක දඩයක් ද ඉතිරි විත්තිකරුවන් 09 දෙනාට රුපියල් 65000 බැගින් වූ දඩයක් ද විනිසුරුවරිය නියම කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

විත්තිකරුවන් විසින් අධිකරණයේ කාලය වැය නොකර මුල් අවස්ථාවේදීම සිය වරද පිළිගනු ලැබීම හේතුවෙන් මේ ලෙස ලිහිල් සිරදඬුවම් නියම කරන බවට විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක පෙරේරා හා නීතිඥ ලක්ෂිත විතානගේ යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී තම සේවාදායකයින් වරද පිළිගැනීමෙන් අනතුරුව නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට කැමති බවත් සිදු වූ අලාභ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට කැමති බවත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ලෙස දඬුවම් නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
5
+1
85
+1
8
+1
5
+1
3
+1
21
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?