ජොනීගේ හෝටලය කැඩූ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු පිරිසකට බරපතළ වැඩ සහිත අත්හිටවූ සිර දඬුවම්

පසුගිය 2022 වසරේ මැයි 09 වැනි දින අරගල සමයේදී යුනියෙන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන අයට අයත් hotel colombo නමැති සංචාරක හෝටලයට පොළු මුගුරු රැගෙන කඩා වැදී අලාභ හානි සිදු කිරීම හා එම හෝටල් පරිශ්‍රයේ නවතා තිබූ ජීප් රථ දෙකකට පහර දී රුපියල් ලක්ෂ තිස්පහකට අධික අලාභයක් සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන මොහොමත් ඉස්මායිල් මොහොමඩ් අනස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ අත්හිට වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (09) නියම කළා.

එම හෝටලයේ තිබූ පරිගණකයක් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරු වූ පළමුවන විත්තිකාර මොහොමඩ් මුස්නි මුභාරක් යන අයට රුපියල් 80000ක දඩයක් ද ඉතිරි විත්තිකරුවන් 09 දෙනාට රුපියල් 65000 බැගින් වූ දඩයක් ද විනිසුරුවරිය නියම කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

විත්තිකරුවන් විසින් අධිකරණයේ කාලය වැය නොකර මුල් අවස්ථාවේදීම සිය වරද පිළිගනු ලැබීම හේතුවෙන් මේ ලෙස ලිහිල් සිරදඬුවම් නියම කරන බවට විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක පෙරේරා හා නීතිඥ ලක්ෂිත විතානගේ යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී තම සේවාදායකයින් වරද පිළිගැනීමෙන් අනතුරුව නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට කැමති බවත් සිදු වූ අලාභ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට කැමති බවත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ලෙස දඬුවම් නියම වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39