ජොන්ස්ටන් අනුරගෙන් කල ඉල්ලීම

මිනී මරණ යුගයකට නැවත මේ රට රැගෙන නොයන ලෙස ආදරයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙම ගැටළු සියල්ලම විසඳා ගැනීමට සියලුම පක්ෂ එක් වෙමු යැයිද ඒ මහතා ඉල්ලා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීමට කිසි සේත්ම ඉඩ නොදෙන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.