AFC Banner
Empty Ad
Empty Ad

ජේ ෂා ICC සභාපති පුටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කරන ජේ ෂා පත් කිරීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වත්මන් සභාපතිවරයා වන ග්‍රෙග් බාර්ක්ලේගේ ධුර කාලය ලබන නොවැම්බර් මාසයේ දී අවසන්වීමෙන් අනතුරුව එම නව පත් කිරීමට සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති මයික් බෙයාර්ඩ් ඇතුළු අයි.සී.සී. අධ්‍යක්ෂවරුන්ට ග්‍රෙග් බාර්ක්ලේ පැවසුවේ වීඩියෝ සම්මන්ත්‍රණයක් අතරතුර පවසා ඇත්තේ තුන්වන වරටත් එම තනතුර සඳහා තරඟ කිරීමට තමාගේ අදහසක් නොමැති බවයි.

එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල පිටුබලය ජේ ෂා ලැබෙන අතර, ඒ අනුව ඔහුට අයි.සී.සී සභාපති ලෙස පත්වීමට බාධාවක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මීට පෙර ජග්මෝහන් දල්මියා (1997 සිට 200 දක්වා) සහ ෂරද් පවාර් (2010 සිට 2012 දක්වා ) අයි.සී.සී සභාපති තනතුර දැරූ එකම ඉන්දියානුවන් දෙදෙනා වනවා.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වන ජේ ෂා නොවැම්බර් මාසයේ දී අයි.සී.සී සභාපති තනතුර සඳහා පත්වීමෙන් පසු එම තනතුර සඳහා පත්වන තුන්වන ඉන්දියානුවා බවට ඔහු පත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
2
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?