ජේ ෂා ICC සභාපති පුටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කරන ජේ ෂා පත් කිරීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වත්මන් සභාපතිවරයා වන ග්‍රෙග් බාර්ක්ලේගේ ධුර කාලය ලබන නොවැම්බර් මාසයේ දී අවසන්වීමෙන් අනතුරුව එම නව පත් කිරීමට සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති මයික් බෙයාර්ඩ් ඇතුළු අයි.සී.සී. අධ්‍යක්ෂවරුන්ට ග්‍රෙග් බාර්ක්ලේ පැවසුවේ වීඩියෝ සම්මන්ත්‍රණයක් අතරතුර පවසා ඇත්තේ තුන්වන වරටත් එම තනතුර සඳහා තරඟ කිරීමට තමාගේ අදහසක් නොමැති බවයි.

එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල පිටුබලය ජේ ෂා ලැබෙන අතර, ඒ අනුව ඔහුට අයි.සී.සී සභාපති ලෙස පත්වීමට බාධාවක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මීට පෙර ජග්මෝහන් දල්මියා (1997 සිට 200 දක්වා) සහ ෂරද් පවාර් (2010 සිට 2012 දක්වා ) අයි.සී.සී සභාපති තනතුර දැරූ එකම ඉන්දියානුවන් දෙදෙනා වනවා.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වන ජේ ෂා නොවැම්බර් මාසයේ දී අයි.සී.සී සභාපති තනතුර සඳහා පත්වීමෙන් පසු එම තනතුර සඳහා පත්වන තුන්වන ඉන්දියානුවා බවට ඔහු පත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
2
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58