AFC Banner
AFC Banner
Empty Ad

ජේ. ශ්‍රී රංගා රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් සේපාල දහනායක මහතා විසිනුයි අද මෙම නියෝගය ලබා දුන්නේ.

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ
සැරයන්වරයකු මරණයට පත් වීමට අදාළව පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි ඊයේ වව්නියාව මහාධිකරණය නියෝග කළේ.

එම වරෙන්තුවට අනුව රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී ජේ.ශ්‍රීරංගා කොහුවල පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලනික පළිගැනීමක් උදෙසා සැළසුම් සහගතව සිදු කරන ලද අත්අඩංගුවට ගැනීමක් ලෙසටයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

2011 වසරේ මාර්තු 30 වැනිදා සිදු වූ රිය අනතුරකින් තිදරු පියෙකු වූ සැරයන් ජි.උදය ජයමිණි පුෂ්පකුමාරගේ මරණය සිදු කර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරය විසින් ජේ.ශ්‍රී රංගාට එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

නඩුවට අදාළව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට විත්තිකාර ජේ.ශ්‍රිරංගා විසින් දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ඇති බවටත් පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට බලපෑම් කළ බවටත් තොරතුරු ලැබී ඇති බවටයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?