ජේ.ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලූ ඇප අයදුම්පතට ප්‍රතිවිරෝධතා ගොනු කිරීම ලබන 23 වැනිදා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධියට අදාළව තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා නමැත්තා ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දැක්වූ විරෝධතාවයන්ට ප්‍රතිවිරෝධතා ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ජේ. ශ්‍රී රංගා නමැති අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අද (16) නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම සිද්ධියට අදාළව ජේ. ශ්‍රී රංගා අධිකරණයට ඉදිරිපත් කළ තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණයෙන් එසේ නියම කෙරුණු බවයි.

මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව දැන්වීම් ප්‍රදර්ශනය කිරීම ජේ.සී. රංගා නමැත්තාගේ පූර්ණ අනුදැනුම ඇතිව සිදුව ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් පිළිබඳව අවධානය යොමු කරමින් ජේ. ශ්‍රී රංගා නමැත්තා නීතිඥවරයෙක් මගින් එම අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය වෙත යොමු කර තිබුණා.

මෙම දැන්වීම් ඇලවීම සඳහා දේශපාලන බලපෑමක් සිදු ව තිබේ ද යන්න පිළිබඳ ව තවදුරටත් විමර්ශන සිදු කරන බව ද අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

තව ද මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම දැන්වීම් අලවා තිබේ ද යන්න පිළිබඳ ව සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව ද තවදුරටත් විමර්ශන සිදු කරන බව ද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 23 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මාතලේ ඉෂාන් ගුණසේකර,ඇරැව්වල ක්‍රිෂාන් නාලක,මඩපාත මනෝජ් මදුශංක,උපාධිධාරින් දෙදෙනකු වන ලක්මාල් වික්‍රමසිංහ, මනෝජ් මදුශංක,ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල හා අදාළ පෝස්ටර් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාල හිමිකරු දසුන් තරංග බණ්ඩාර නමැති හත්දෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඉකුත් 28 වෙනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය, රේගු දෙපාර්තමේන්තුව, අලුත්කඩේ මහාධිකරණය, පැළවත්ත, බත්තරමුල්ල, ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම අපහාසාත්මක වදන් ඇතුලත් දැන්වීම් අලවා තිබූ බවද කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී අධිකරණයට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?