ජේ.ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලූ ඇප අයදුම්පතට ප්‍රතිවිරෝධතා ගොනු කිරීම ලබන 23 වැනිදා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධියට අදාළව තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා නමැත්තා ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දැක්වූ විරෝධතාවයන්ට ප්‍රතිවිරෝධතා ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ජේ. ශ්‍රී රංගා නමැති අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අද (16) නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම සිද්ධියට අදාළව ජේ. ශ්‍රී රංගා අධිකරණයට ඉදිරිපත් කළ තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණයෙන් එසේ නියම කෙරුණු බවයි.

මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව දැන්වීම් ප්‍රදර්ශනය කිරීම ජේ.සී. රංගා නමැත්තාගේ පූර්ණ අනුදැනුම ඇතිව සිදුව ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් පිළිබඳව අවධානය යොමු කරමින් ජේ. ශ්‍රී රංගා නමැත්තා නීතිඥවරයෙක් මගින් එම අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය වෙත යොමු කර තිබුණා.

මෙම දැන්වීම් ඇලවීම සඳහා දේශපාලන බලපෑමක් සිදු ව තිබේ ද යන්න පිළිබඳ ව තවදුරටත් විමර්ශන සිදු කරන බව ද අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

තව ද මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම දැන්වීම් අලවා තිබේ ද යන්න පිළිබඳ ව සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව ද තවදුරටත් විමර්ශන සිදු කරන බව ද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 23 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මාතලේ ඉෂාන් ගුණසේකර,ඇරැව්වල ක්‍රිෂාන් නාලක,මඩපාත මනෝජ් මදුශංක,උපාධිධාරින් දෙදෙනකු වන ලක්මාල් වික්‍රමසිංහ, මනෝජ් මදුශංක,ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල හා අදාළ පෝස්ටර් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාල හිමිකරු දසුන් තරංග බණ්ඩාර නමැති හත්දෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඉකුත් 28 වෙනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය, රේගු දෙපාර්තමේන්තුව, අලුත්කඩේ මහාධිකරණය, පැළවත්ත, බත්තරමුල්ල, ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම අපහාසාත්මක වදන් ඇතුලත් දැන්වීම් අලවා තිබූ බවද කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී අධිකරණයට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15