ජේ රිචඩ්සන් ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට

ඉන්දියාව සමඟ මාර්තු 17 වනදා මුම්බායි හිදී ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන්ට අහිමිව යන බව වාර්තා වනවා.

මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ආබාධය හේතුවෙන් රිචඩ්සන්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද මඟහැරී යන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දියාව සමඟ එක්දින තරගාවලියෙන් ජේ රිචඩ්සන්ට ඉවත්වීමට සිදුවීම හේතුවෙන් ඔහු වෙනුවට ඕස්ටේලියානු එක්දින කණ්ඩායමට එක්දින තරග තුනකට පමණක් ක්‍රීඩා කර ඇති නේදන් එලිස් කැඳවා ඇති බවයි දැනගන්නට ලැබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?